ශාක විවිධත්වය






ශාක වල  විවිධත්වය



ශාක  පිළිබ`දව  සඳහන්  කරනවිට  අපට  මල්  සහ  ගෙඩි  හෙවත පුෂ්ප  හා  ඵල මතකයට නැෙ`ගන්නේ නිතැතිනි.
මේ අනුව පුෂ්ප හටගන්නා ශාක මෙන් ම පුෂ්ප හට නොගන්නා ශාක ද අප අවට පරිසරයේ  ඇති  බව  ඔබට  අවබෝධ  වන්නට  ඇත.  පුෂ්ප  හටගන්නා  ශාක සපුෂ්ප  ශාක ලෙස  හැ`දින්වෙන  අතර  පුෂ්ප  හට  නොගන්නා  ශාක  අපුෂ්ප ශාක ලෙස හැ`දින්වේ.


සපුෂ්ප  ශාකයක කොටස් 






  

 ශාක මුල් වල විවිධත්වය


සාමාන්‍යයෙන් ශාකවල මූල පද්ධතිය පස තුළ පවතී. එය ආකාර දෙකකින් පැවතිය හැකි ය.
  •  සමහර ශාකවල කඳේ පාදයෙන් හටගන්නා ප‍්‍රධාන මුලක් ඇති අතර එය මුදුන් මුල වශයෙන් ද එම මුදුන් මුලෙන් හටගන්නා ශාඛා මුල් පාර්ශ්වික මුල් වශයෙන්  ද හැ`දින්වේ.
 මෙවැනි මූල පද්ධතියක් මුදුන් මූල පද්ධතියක් ලෙස හැඳින්වේ.
නිිදසුන්- කුප්පමේනියා, අඹ, කජු

  • තවත් සමහර ශාකවල කඳේ පාදයෙන් හටගන්නා කුඩා ප‍්‍රමාණයේ මුල් රාශියක්  පවතී.  එවැනි  මූල  පද්ධතියක්  තන්තු  මූල  පද්ධතියක්  ලෙස  හැ`දින්වේ.
නිදසුන්-පොල්, පුවක්, උණ, තෘණ, කිතුල්






   

ශාක කඳන්  වල විවිධත්වය 

  •  ඒවායේ දැකිය හැකි මූලික වෙනස්කම වන්නේ සමහර ශාක කඳන් අතු බෙදී තිබීමත් සමහර ශාක කඳන් අතු බෙදී නොතිබීමත් ය.



                                                             
අතු නොබෙදුණු කඳ සහිත ශාකයක්
  • නිදසුන් - පොල්, පුවක්, කිතුල්, තල්, වී






  • අතු බෙදුණු කඳ සහිත ශාකයක්
නිදසුන්- අඹ, රඹුටන්, කජු, පේර, වද



ශාක පත්‍ර වල විවිධත්වය

 පත‍්‍ර ද හැඩය, ප‍්‍රමාණය හා වර්ණය අනුව විවිධත්වයක් පෙන්වයි.









  • ශාක පත‍්‍රයක පත‍්‍ර තලය කොටස්වලට බෙදී නැති විට එ්වා සරල පත‍්‍ර ලෙස හැඳින්වේ.
  •  නිදසුන්- වද, කොස් 

  • සංයුක්ත පත‍්‍රවල පත‍්‍ර තලය සම්පූර්ණයෙන් ම කොටස් කිහිපයකට වෙන් වී පවතී. මෙසේ වෙන් වී ඇති කොටස් පත‍්‍රිකා ලෙස හැදින්වේ. එවැනි පත‍්‍රිකා සහිත ශාක පත‍්‍ර සංයුක්ත පත‍්‍ර ලෙස හැ`දින්වේ.
  • නිදසුන්-  පොල්, මාර, කතුරුමුරුංගා, සියඹලා



















  

තොරතුරු  (7ශ්‍රේණිය විද්‍යාව) පොතෙන්







































































Y

Comments

Post a Comment

Popular posts from this blog

පරිසර දූෂණය

පුෂ්ප වල විවිධත්වය