පරිසර දූෂණය

 

 

  • පාරිසරික තුලිතතාවය බිඳ වැටීම පරිසර දූෂණය නම් වේ

    පරිසර දුෂණය යනු, පරිසරයේ වෙසෙන ජීවීන්ට හා පුද්ගලයනට හානිදායක ප්‍රමාණ වලින් හා හානිදායක විය හැකි කාල පරාසයක් තුළ ද්‍රව්‍ය හා ශක්තිය පරිසරයට නිදහස් කිරීමයි

    • පරිසර දූෂණයට ලක්වන අංශයන් 

       වායුගෝලීය දූෂණය

      ජල දූෂණය  

      ගොඩබිම දූෂණය 

      ශබ්ද දූෂණය


                                             වායුගෝලීය දූෂණය

      අප වටා ඇති හිස් අවකාශය වායුගෝලයයි.මෙහි විවිධ වායු වර්ග ඇත.තවද මෙම වායුගෝලය තුළ විවිධ චක්‍ර වර්ග අඩංගු වේ.ඒවා නම් ඔක්සිජන් චක්‍රය, කාබන්ඩයොක්සයිඩ් චක්‍රය ,ජල චක්‍රය වශයෙන් වේ.‍මේවා ස්වභාවික චක්‍ර ලෙස ක්‍රියා කරයි.මේවාට අනුකූල නොවන ආකාරය‍ට වායුගෝලයේ කො‍ටස් නිදහස් කරීම මෙන්ම අමතර වායූන් මෙන්ම වෙනත් ඝණ අංශු වර්ග වායුගෝලයට නිදහස් කිරීම සිදුවෙයි.මෙමඟින් වායුගෝලයේ තුල්‍යතාවය බිඳවැටේ.මෙය වායුගෝලීය දූෂණය නම් වේ


    •                                                ජල දූෂණය

      ජල දූෂණයට හේතු

    • කර්මාන්තශාලා වලින් පිටකරන අපද්‍රව්‍ය ජල මාර්ග වලට යොමු කිරීම.
    • කාබනික අපද්‍රව්‍ය ජලයට එකතුවීම.
    • සුපෝෂණය ඇති වීම නිසා ජලාශ දූෂණය වීම.
    • කෘෂි රසායනික ද්‍රව්‍ය වගාබිම් හරහා ජලයට එකතුවීම.
    • තෙත්බිම් වල කුණු කසල පිරවීම නිසා වන ජල දූෂණය.
    • පොලිතින් ආදී දිරා නොයන අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා වන දූෂණය.
    • හදිසි අනතුරු නිසා වන ජල දූෂණය.
      1. උදා-කොළඹ වරාය අවට තෙල් නැව් වලින් ඇති වන අනතුරු
    • රෝග කාරක විෂ බීජ එකතු වීම වන ජල දූෂණය.
    • කඳු හා උස් බිම් සෝදා පාලුව නිසා ජලයේ බොරතාවය ඉහළයාම.

                                               ගොඩබිම දූෂණය

  • පස දූෂණයේ ප්‍රති විපාක

  • පසේ සාරවත් බව අඩු වීම හා අස්වැන්න අඩු වීම.
  • විෂ රසායනික ද්‍රව්‍ය ආහාර තුළට එකතු වීම.
  • පස තුළ අපද්‍රව්‍ය එකතු වීම නිසා පාංශු ජීවි විනාශ වීම.
  • ජලාශ තුළ රොන් මඩ එකතු වීම හේතුවෙන් රඳවාගත හැකි ජල ප්‍රමාණය අඩු වීම.
  • නියං කාල වලදී ජල උල්පත් සිඳීයාම


  •  
    ශබ්ද දූෂණය

    • ශබ්ද දූෂණය ඇති වීමට හේතු

  • කර්මාන්ත ශාලා ක්‍රියාකාරිත්වය
  • වාහන අධික බව
  • ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතය.
  • ශබ්ද දූෂණයේ ප්‍රතිවිපාක

  1. මානසික කරදරකාරි වටපාටාවක් ඇති වීම
  2. ශ්‍රවනාබාධ ඇති වීම
  3. වමනය හා හිසරදය
  4. අස්ථායිභාවය

Comments

Post a Comment

Popular posts from this blog

ශාක විවිධත්වය

පුෂ්ප වල විවිධත්වය