ක‍ඩොලාන




ක‍ඩොලාන





  • ක‍ඩොලාන යනු අන්තර් උදම් කලාපය තුල ඵනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව වඩදියට යට වී බාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි.
  •  කඩොලානෙහි නිරන්තරයෙන්ම දර්ශීය ලෙස දක්නට ලැබෙන ශාක සත්‍ය කඩොලාන ශාක (True Mangroves)ලෙස හැදින්වේ. සත්‍ය කඩොලාන වලට යාබඳ වඩාත් ගොඩකර ප්‍රදේශ වල ද වැඩෙන වෙනත් ශාක ද ඇත. ඒවා කඩොලාන ආශ්‍රිත ශාක(Mangrove Associates) ලෙස හැදින්වේ. සත්‍ය කඩොලාන හා කඩොලාන ආශ්‍රිත ශාක සපුෂ්ප ශාක වන අතර ඵසේ නොවන (Acrosticum Aureum) නම් ශාක විශේෂයක් ද කඩොලාන ආශ්‍රිතව හමු වේ.
  • ශ්‍රි ලංකාවේ කඩොලාන ප්‍රජාව සත්‍ය කඩොලාන හා ආශ්‍රිත කඩොලාන විශේෂ වලින් ද සමන්විත වේ. ඒ අනුව දැනට ප්‍රධාන වශයෙන් කඩොලාන වර්ග 17ක් පමණ සොයාගෙන ඇත. ශ්‍රි ලංකාවේ දිවයින වටා ඇති කඩොලාන ප්‍රජාව වැසී පැතිරී ඇති බිම් ප්‍රමාණය හෙක්ටෙයාර 10000ක් පමණ වේ.




කඩොලාන පරිසරයේ ලක්‍ෂණ

  • කඩොලාන ආශ්‍රිත ප්‍රදේශ බොහොමයකම පොළව වඩදිය බාදියට භාජනය වේ. මේ නිසා මෙම ප්‍රදේශ වලින් සමහර ප්‍රදේශ දවසේ යම් කොටසකදී ලවණ ජලයෙන් වැසී ඇත.
  • කඩොලාන බොහෝ විට දක්නට ලැබෙන ගංගා මුවදොරවල සහ කලපු අසබඩ පෙදෙස්වලට මිරිදිය ගලා ඒම නිසා ‍මේ පෙදෙස් වල ජලයේ ලවණත්වය මුහුදු ජලයේ ලවණත්වය තරම් අධික නැත.
  • කඩොල් ශාක වල පාංශු ද්‍රාවණයේ ආශ්‍රැති පීඩනය සාමාන්‍ය පසේ‍,පාංශු ද්‍රාවණයේ ආශ්‍රැති පීඩනයට වඩා වැඩිය.
  • කඩොලාන ආශ්‍රිත පාංශු ද්‍රාවණයේ ආශ්‍රැති පීඩනය ද PH අගය ද (අම්ල ගතිය) කලින් කලට වෙනස් වේ.
  • මෙහි පස නිරන්තරයෙන්ම ජලයෙන් වැසී තිබෙන නිසා පසේ ඔක්සිජන් හිඟතාවයක් ඇති අතර පොළොව ජලයෙන් වැසී නොතිබෙන කල මෙහි පස මොළොක් ස්වභාවයක් ගනී.බොහෝ විට පස කළු පැහැයෙන් යුක්තය.
  • කාබනික ද්‍රව්‍ය බහුල ලෙස මෙහි දක්නට ලැබෙන අතර නොයෙක් වර්ග වල කකුළුවන් වාසය කරන ගුල් වලින් ගහණ ප්‍රදේශයකි.

    කඩොලාන වල අනුවර්තන

    කඩොලාන පරිසරයේ ඇති ශාක විශේෂ ජෛව හා පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකි වන පරිදි විවිධ අනුවර්තනයන් දක්වයි.
  • ප්‍රධාන කඳෙහි පාදීය කොටසෙන් හට ගන්නා කයිරු මුල් සහ කරු මුල් කඩොලාන ශාක වල දක්නට ලැබෙන මුල්වල හැඩ ගැසීම් වලට ප්‍රධාන උදාහරණයන්ය. පස ඉතා ලිහිල් නිසා මෙම මුල් වර්ග ශාකය දැඩි ලෙ‍ස ලිහිල් උපස්ථරයට සවි කිරීමට උපකාරී වේ.
  • වායුධර මුල් කඩොලාන පරිසරයේ පසෙහි ඔක්සිජන් හිඟ බැවින් පසෙන් උඩට වැඩෙන දණහිස් මුල් මඟින් වායු හුවමාරුව සිදු වේ. කිරල , ඇවිනීසියා ශාක වල දක්නට ලැබේ.
  • ජලාබුජ බීජ-කළල විකසනයේ පසු අවධියක් දක්වා මව් ශාකයේ රැඳී පැවතීම.
  • ශුෂ්ක රූපී පත්‍ර-කඩොලාන පරිසරයේ ලවණ සාන්ද්‍රණය අධික බැවින් ශාකවලට ජලය ලබා ගැනීම අපහසුය. එම නිසා උත්ස්වේදනය අඩු කිරීමට ශාක පත්‍රවල ඝන උච්චර්මයක් සහ අධික ජල සංචිත පටක ප්‍රමාණයක් පිහිටා ඇත.
  • මුල් ප්‍රරෝහණය වූ කඩොල් බීජ ශාකයෙන් ගිලිහී ජලය මඟින් පාවී ගොස් මඬෙහි රැඳී වර්ධනය වේ.


    කඩොලාන වල වැදගත්කම

  • වෙරළ ඛාදනයෙන් ආරක්ෂා කිරීම
  • කලපු හා ගං මෝය වල සිදුවන සෝදා පාළුව වැළැක්වීම.
  • ගංඟා හා ඉවුරු සංරක්ෂණය.
  • වෙඑළබඩ ප්‍රදේශවල වැලි කඳු ස්ථාපිත වීමට ඉඩ සැලැස්වීම.
  • මසුන් හා වෙනත් ජලජ ජීවීන්ගේ ප්‍රජනනයට හා වර්ධනයට සුදුසු උපස්ථරයක් සැකසීම.
  • ධීවර යාත්‍රා නැවැත්වීමට සුදුසු පරිසරයක් වීම.
  • පක්ෂීන්ට හා මසුන්ට ආහාර සැපයීම හා වාසස්ථානයක් ලෙස මෙන්ම ප්‍රජනනයට සුදුසු ලෙස පරිසරය සැකසීම.
  • කඩොලාන දැව කෘමි හානි වලට ඔරොත්තු දෙන බැවින් ඉදිකිරීම්, මාළු උගුල්, බුරුසු මිටි කර්මාන්තය, ධීවර යාත්‍රා තැනීම හා උපකරණ වල මිටි සඳහා ද භාවිතා කරයි.
  • දැව හා දර සඳහා භාවිතා කරයි.
  • සමහර කඩොල් ශාකවල පොතුවල ඇති ටැනින් නමැති ද්‍රව්‍යය නිසා ධීවරයින් දැල් පදම් කිරීමට හා සායම් කිරීම‍ට එම පොතු යොදා ගනී.
  • Ceriops වැනි කඩොල් ගස්වල ඉපල් මාළු කොටුවල මාළු අතු සඳහා යොදා ගනී.
  • ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව වැනි සමහර රටවල කඩොලාන ප්‍රජාවේ වැඩෙන ගිංපොල් නම් කඩොලාන ශාකය මධ්‍යසාර නිෂ්පාදනය සඳහා යොදා ගනී. මෙම ශාකයේ පත්‍ර පැඳුරු විවීමටද භාවිතා කරයි.


    මූලාශ්‍ර:විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

Comments

Popular posts from this blog

පරිසර දූෂණය

ශාක විවිධත්වය

පුෂ්ප වල විවිධත්වය