ජෛව විවිධත්වය

ජෛව විවිධත්වය

 

 

  •  ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්,ශාක හා සතුන්ගේ විවිධත්වයයි.

 

  • ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය

1. වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධති.

2.රට තුළ ඇති තෙත් බිම් පරිසර පද්ධති.

3. වෙරළබඩ හා සාගරික පරිසර පද්ධති.

4.කෘෂිකාර්මික පරිසර පද්ධති



  •  ලංකාවේ වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිවල ජෛව විවිධත්වය

    ලංකාවේ ජෛව විවිධත්වය උපරිම වශයෙන් දක්නට ලැබෙන එක් ස්ථානයක් ලෙස වනාන්තර හැඳින්විය හැකිය.තෙත් කලාපීය වැසි වනාන්තර විශ්මයජනක ලෙස ජෛව විවිධත්වයෙන් පොහොසත්ය. මේවායේ ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ඇත.එනම්, ආවේණික ශාක විශේෂ වලින් 90% ක් ද, ආවේණික සතුන්ගෙන් 75% ක් ද,මෙම වනාන්තරවල දැකිය හැකිය.ජෛව විද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන හොර ශාක විශේෂය ලංකාවේ පහතරට තෙත් කලාපයේ හා කඳුකර වනාන්තරවල බහුලව දැකිය හැකි ආවේණික ශාක විශේෂයකි.එමෙන්ම ඒ ඒ ප්‍රදේශවලට පමණක් ආවේණික ශාක විශේෂ ද ඇත.ඉතා දුර්ලභ ශාක විශේෂයක් වන 'මෙන්ඩෝරා' නකල්ස් වනාන්තරයේ කුඩා පෙදෙසකට පමණක් සීමා වෙයි.



  • තෙත් බිම් ආශ්‍රිත පරිසර පද්ධති හා ජෛව විවිධත්වය

    ශ්‍රී ලංකාවේ තෙත් බිම් ආශ්‍රිත පරිසර පද්ධති කිහිපයක් ඇත. එනම්, පිටාර තැනිතලා, ගොහොරු බිම්, ඇළ දොළ හා ගංගා, ජලාශ හා පොකුණු වශයෙනි.ශ්‍රී ලංකාවේ තෙත් බිම් වලින් බොහොමයක් දේශීය මෙන්ම විදේශීය වටිනාකමකින් යුක්ත බව හඳුනාගෙන ඇති අතර ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබූ එක් තෙත් බිමක් ලෙස බූන්දල රැම්සා පරිශ්‍රය හැඳින්විය හැක. මේ තෙත් බිම් ආශ්‍රිතව විශාල ජෛව විවිධත්වයක් දැකිය හැකිය.එනම්,ජලජ ශාක ( ඕලු, කෙකටියා, දිය හබරල) ආවේණික මත්ස්‍ය විශේෂ(පුල්ලි අගිරවා) සංචාරක පක්‍ෂි විශේෂ හා ආවේණික උරග වර්ග දැකිය හැකිය.ඉන් බොහොමයක් ජාතික හා ජාත්‍යන්තර තර්ජනයට ලක්වී ඇති විශේෂ වේ.


  • වෙරලබඩ හා සාගරික පද්ධතිවල ජෛව විවිධත්වය

    ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා සාගරික පද්ධති කිහිපයක් හඳුනාගත හැකිය. එනම්, කඩොලාන, ලවණ වගුරු,වැලි කඳු හා වෙරළ, මුහුදු පැළ හා තෘණ භූමි, කලපු හා මෝයවල්, කොරල්පර ආදී වශයෙනි. කොරල්පර ජෛව විවිධත්වයෙන් පොහොසත් වන අතර ඒවා ශාක හා සත්ත්ව ජීවීන් සඳහා වාසභූමි ලෙස වැදගත් වේ. හොඳින් වැඩුණු කොරල්පර ශ්‍රී ලංකාවේ ඇතිමුත් ඉන් බොහොමයක් වැලිගලින් හා ගලින් සෑදුණු ය.මන්නාරම බොක්කේ හා කල්පිටිය අර්ධද්වීපයේ බටහිර ගැඹුරු මුහුදේ හොඳින් වැඩුණු කොරල්පර තිබේ
  • කෘෂිකාර්මික පරිසර පද්ධති

    කෘෂිකාර්මික පරිසර පද්ධතිවල ජෛව වවිවිධත්වයක් දැකිය හැකිය. කෘෂිකාර්මික බෝග වගාව මේ ආශ්‍රිතව බහුලව දැකිය හැකිය. එළවළු, පළතුරු, අල වර්ග මෙන්ම කෝපි, කොකෝවා, කරදමුංගු, කරාබුනැටි වැනි බෝග ද සත්ත්ව නිෂ්පාදන ද මේ ආශ්‍රිතව දැකිය හැකිය. මෙම කෘෂිකාර්මික පරිසර පද්ධතිය ආශ්‍රිතව විවිධත්වයෙන් යුතු කෘමි විශේෂ ද දක්නට ලැබේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

Comments

Popular posts from this blog

පරිසර දූෂණය

ශාක විවිධත්වය

පුෂ්ප වල විවිධත්වය