ග්‍රහලෝක
ග්‍රහලෝක
- සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි
- සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන වස්තුව වන්නේ හිරුය.
- එසේම හිරුගේ ආකර්ෂණ බලයෙන් ග්‍රහ මණ්ඩලය නතු කරගෙන සිටී.
- හිරු වටා කක්ෂයේ ඇති බොහෝමයක් විශාල වස්තු, ක්‍රාන්තිවලය ලෙස හදුන්වන පෘතුවි කක්ෂයේ තලයට ආසන්නව පවතී.
- ග්‍රහලෝක සියල්ල හා අනෙකුත් බොහොමයක් වස්තු හිරුගේ භ්‍රමණය සමග කක්ෂවල චලනය වෙයි.
- ග්‍රහවස්තු හිරු වටා චලනය වන්නේ කෙප්ලර්ගේ ග්‍රහ වස්තු චලන මුලධර්මයට අනුවය. සියලු වස්තු ඉලිප්සයේ එක් නාභියක් ලෙස සුර්යයා තබා ගෙන දළ ඉලිප්සයක් දිගේ චලනය වේ
- ග්‍රහලෝකවල කක්ෂ සුළු වශයෙන් වක්‍රාකාර වේ. එහෙත් බොහෝමයක් ධූම කේතු, උල්කා හා කුයිපර් වළල්ලේ වස්තු අතිශයින් ඉලිප්සීය පථවල ගමන් ගනී.
- නිහාරිකා කල්පිතයට අනුව සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇත්තේ වසර බිලියන
4.6කට පෙර සුවිසල් වායු - ධූලි වළාකුලක් ගුරුත්වාකර්ෂණ බිඳ වැටීමකට ලක්
වීමෙනි
සූර්යයා
- සූර්යයා අප සෞර ග්‍රහ මණ්ඩලයේ එකම තාරකාව වේ.
- සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති මෙන් දස ගුණයක් විශාලය. සෞර ග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝකවල බර මෙන් 743 ගුණයක් වන මෙය සෞර ග්‍රහ මණ්ඩලයේ සුවිශාලම වස්තුව වේ.
බුධ
- නිරන්තරයෙන් අධික උෂ්ණත්වයකින් හෙබි ගල්, පර්වත, කඳුවලින් ගහණ වූ බුධ තුළ වායුගෝලයක් හෝ ජලය නොමැත. එබැවින් ජීවීන් ද නැත.
- සූර්යයාට ආසන්නයෙන්ම පිහිටා ඇති බැවින් මෙහි උෂ්ණත්වය වැඩිය.එය දිවා කාලයේ කෙල්වින් 673ක් වන අතර රාත්‍රී කාලයේ දී කෙල්වින්175කි. බුධ ග්‍රහයා මතුපිට චුම්භක ක්ෂේත්‍රය පෘථිවිය මෙන් 1%කි. එයට හේතුව බුධ ග්‍රහයාගේ අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීමය.
සිකුරු
- සෞර ග්‍රහ මණ්ඩලයේ අලංකාරවත්ම ග්‍රහලෝකය සිකුරු වේ. සමහර දිනවල ඉර බැස යාමෙන් පසුව ද සමහර දිනවල පාන්දර ද මෙම ග්‍රහලෝකය දැක ගත හැක. එබැවින් මෙය "පහන් තරුව", "ඉරබටු තරුව" හා "උදාන තරුව" ලෙසින් ද හඳුන්වයි.
පෘථිවිය
ග්‍රහලෝක අතරින් ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථිවිය වේ. විෂ්කම්භය කි.මී.12,756කි. එය මතුපිටින් 2/3ක් ඇත්තේ ජලයයි. ජීවීන් දක්නට ලැබෙන අතර එක් චන්ද්‍රයෙක් ඇත.
- පෘථිවිය තම අක්ෂය වටා සෑම පැය 24කටම වරක් බස්නාහිර සිට නැගෙනහිරට භ්‍රමණය වේ. මෙය "පෘථිවි දිනක්" නමින් හැඳින්වේ.
Comments
Post a Comment