Posts

Showing posts from November, 2017

ග්‍රහලෝක

Image
  ග්‍රහලෝක සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි  සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන වස්තුව වන්නේ හිරුය.  එසේම හිරුගේ ආකර්ෂණ බලයෙන් ග්‍රහ මණ්ඩලය නතු කරගෙන සිටී.   හිරු වටා කක්ෂයේ ඇති බොහෝමයක් විශාල වස්තු, ක්‍රාන්තිවලය ලෙස හදුන්වන පෘතුවි කක්ෂයේ තලයට ආසන්නව පවතී. ග්‍රහලෝක සියල්ල හා අනෙකුත් බොහොමයක් වස්තු හිරුගේ භ්‍රමණය සමග කක්ෂවල චලනය වෙයි.   ග්‍රහවස්තු හිරු වටා චලනය වන්නේ කෙප්ලර්ගේ ග්‍රහ වස්තු චලන මුලධර්මයට අනුවය. සියලු වස්තු ඉලිප්සයේ එක් නාභියක් ලෙස සුර්යයා තබා ගෙන දළ ඉලිප්සයක් දිගේ චලනය වේ  ග්‍රහලෝකවල කක්ෂ සුළු වශයෙන් වක්‍රාකාර වේ. එහෙත් බොහෝමයක් ධූම කේතු, උල්කා හා කුයිපර් වළල්ලේ වස්තු අතිශයින් ඉලිප්සීය පථවල ගමන් ගනී. නිහාරිකා කල්පිතයට අනුව සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇත්තේ වසර බිලියන 4.6කට පෙර සුවිසල් වායු - ධූලි වළාකුලක් ගුරුත්වාකර්ෂණ බිඳ වැටීමකට ලක් වීමෙනි සූර්යයා   සූර්යයා අප සෞර ග්‍රහ මණ්ඩලයේ එකම තාරකාව වේ. සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති මෙන් දස ගුණයක් විශාලය. ස

ක‍ඩොලාන

Image
ක‍ඩොලාන ක‍ඩොලාන යනු අන්තර් උදම් කලාපය තුල ඵනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව වඩදියට යට වී බාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි.  කඩොලානෙහි නිරන්තරයෙන්ම දර්ශීය ලෙස දක්නට ලැබෙන ශාක සත්‍ය කඩොලාන ශාක (True Mangroves)ලෙස හැදින්වේ. සත්‍ය කඩොලාන වලට යාබඳ වඩාත් ගොඩකර ප්‍රදේශ වල ද වැඩෙන වෙනත් ශාක ද ඇත. ඒවා කඩොලාන ආශ්‍රිත ශාක(Mangrove Associates) ලෙස හැදින්වේ. සත්‍ය කඩොලාන හා කඩොලාන ආශ්‍රිත ශාක සපුෂ්ප ශාක වන අතර ඵසේ නොවන (Acrosticum Aureum) නම් ශාක විශේෂයක් ද කඩොලාන ආශ්‍රිතව හමු වේ. ශ්‍රි ලංකාවේ කඩොලාන ප්‍රජාව සත්‍ය කඩොලාන හා ආශ්‍රිත කඩොලාන විශේෂ වලින් ද සමන්විත වේ. ඒ අනුව දැනට ප්‍රධාන වශයෙන් කඩොලාන වර්ග 17ක් පමණ සොයාගෙන ඇත. ශ්‍රි ලංකාවේ දිවයින වටා ඇති කඩොලාන ප්‍රජාව වැසී පැතිරී ඇති බිම් ප්‍රමාණය හෙක්ටෙයාර 10000ක් පමණ වේ. කඩොලාන පරිසරයේ ලක්‍ෂණ කඩොලාන ආශ්‍රිත ප්‍රදේශ බොහොමයකම පොළව වඩදිය බාදියට භාජනය වේ. මේ නිසා මෙම ප්‍රදේශ වලින් සමහර ප්‍රදේශ දවසේ යම් කොටසකදී ලවණ ජලයෙන් වැසී ඇත. කඩොලාන බොහෝ විට දක්නට ලැබෙන ගංග

පරිසර දූෂණය

Image
    පාරිසරික තුලිතතාවය බිඳ වැටීම පරිසර දූෂණය නම් වේ පරිසර දුෂණය යනු, පරිසරයේ වෙසෙන ජීවීන්ට හා පුද්ගලයනට හානිදායක ප්‍රමාණ වලින් හා හානිදායක විය හැකි කාල පරාසයක් තුළ ද්‍රව්‍ය හා ශක්තිය පරිසරයට නිදහස් කිරීමයි පරිසර දූෂණයට ලක්වන අංශයන්     වායුගෝලීය දූෂණය ජල දූෂණය   ගොඩබිම දූෂණය   ශබ්ද දූෂණය                                        වායුගෝලීය දූෂණය අප වටා ඇති හිස් අවකාශය වායුගෝලයයි.මෙහි විවිධ වායු වර්ග ඇත.තවද මෙම වායුගෝලය තුළ විවිධ චක්‍ර වර්ග අඩංගු වේ.ඒවා නම් ඔක්සිජන් චක්‍රය, කාබන්ඩයොක්සයිඩ් චක්‍රය ,ජල චක්‍රය වශයෙන් වේ.‍මේවා ස්වභාවික චක්‍ර ලෙස ක්‍රියා කරයි.මේවාට අනුකූල නොවන ආකාරය‍ට වායුගෝලයේ කො‍ටස් නිදහස් කරීම මෙන්ම අමතර වායූන් මෙන්ම වෙනත් ඝණ අංශු වර්ග වායුගෝලයට නිදහස් කිරීම සිදුවෙයි.මෙමඟින් වායුගෝලයේ තුල්‍යතාවය බිඳවැටේ.මෙය වායුගෝලීය දූෂණය නම් වේ                                                ජල දූෂණය ජල දූෂණයට හේතු කර්මාන්තශාලා වලින් පිටකරන අපද්‍රව්‍ය ජල මාර්ග වලට යොමු කිරීම. කාබනික අපද්‍රව්‍ය ජලයට එකතුවීම. සුපෝෂණය ඇති වීම නිසා ජලාශ දූෂ

ජෛව විවිධත්වය

Image
ජෛව විවිධත්වය      ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්,ශාක හා සතුන්ගේ විවිධත්වයයි.   ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය 1. වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධති. 2.රට තුළ ඇති තෙත් බිම් පරිසර පද්ධති. 3. වෙරළබඩ හා සාගරික පරිසර පද්ධති. 4.කෘෂිකාර්මික පරිසර පද්ධති  ලංකාවේ වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිවල ජෛව විවිධත්වය ලංකාවේ ජෛව විවිධත්වය උපරිම වශයෙන් දක්නට ලැබෙන එක් ස්ථානයක් ලෙස වනාන්තර හැඳින්විය හැකිය.තෙත් කලාපීය වැසි වනාන්තර විශ්මයජනක ලෙස ජෛව විවිධත්වයෙන් පොහොසත්ය. මේවායේ ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ඇත.එනම්, ආවේණික ශාක විශේෂ වලින් 90% ක් ද, ආවේණික සතුන්ගෙන් 75% ක් ද,මෙම වනාන්තරවල දැකිය හැකිය.ජෛව විද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන හොර ශාක විශේෂය ලංකාවේ පහතරට තෙත් කලාපයේ හා කඳුකර වනාන්තරවල බහුලව දැකිය හැකි ආවේණික ශාක විශේෂයකි.එමෙන්ම ඒ ඒ ප්‍රදේශවලට පමණක් ආවේණික ශාක විශේෂ ද ඇත.ඉතා දුර්ලභ ශාක විශේෂයක් වන 'මෙන්ඩෝරා' නකල්ස් වනාන්තරයේ කුඩා පෙදෙසකට පමණක් සීමා වෙයි. තෙත් බිම් ආශ්‍රිත පරිසර පද්ධති හා ජෛව විවිධත්වය ශ්‍රී ලං

පුෂ්ප වල විවිධත්වය

Image
පුෂ්ප වල විවිධත්වය         හැඩය, වර්ණය මෙන් ම ප‍්‍රමාණයෙන් ද පුෂ්ප, විශාල පරාසයක විවිධත්වයක් පෙන්වයි. විවිධ ශාකවල පුෂ්ප අතර ඉතා විශාල විවිධත්වයක් දක්නට හැකි ය. නමුත් සෑම පුෂ්පයකම අඩංගු වන ප‍්‍රධාන කොටස් තුනක් ඇත  මණිපත‍්‍ර  දළ පත‍්‍ර ජායාංගය/පුමංග මණිපත‍්‍ර බොහෝ විට ිපත‍්‍ර කොළ පාට ය. මණිපත‍්‍රවල ප‍්‍රධාන කෘත්‍යය වනුයේ ළපටි පුෂ්ප ආරක්ෂා කිරීමයි. දළපත‍්‍ර මල් පෙති හෙවත් දළපත‍්‍ර පුෂ්පයක ඉතා ආකර්ෂණීය කොටසයි. වර්ණවත් දළ පත‍්‍ර මගින් පරාගණය සඳහා කෘමීන් ආකර්ෂණය සිදු කරන අතර පුෂ්පයේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කිරීම ද  සිදු කරයි. පුමංගය පුෂ්පයක රේණු එහි පුමංගය ලෙස හැඳින්වේ. රේණුවක ප‍්‍රධාන කොටස් දෙකකි.     පරාගධානිය     සූත‍්‍රිකාව     ජායාංගය ජායාංගය තුළ කොටස් කිහිපයක් හඳුනාගත හැකි ය.     x   කලංකය      x   කීලය     x   ඩිම්බ කෝෂය